BREAKING NEWS
Search

ලොවක් ආදරය කළ ප්‍රවීණ වාදන ශිල්පියෙක් ජීවින ගමනට සමුදෙයි..

371
ඔහුගේ හැකියාව, ඒ දක්ෂතාවය ගී ලොව තුළ රැව්පිළිරැව් දුන්නා.

මේ කියන්න යන්නේ ඔහු ගැන ඇසෙන සංවේදී කතාවක්.

සුප්‍රකට රොක් සංගීත කණ්ඩායමක් වන ‘කිස්’ හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන ගිටාර් වාදකයා වූ ඒස් ෆ්‍රෙලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 74ක්.

Kiss හි පළමු ඇල්බම් නවයට දායක වූ මෙම සංගීත ශිල්පියා, පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදුවූ වැටීමක් හේතුවෙන් රෝගල්ගතකර තිබෙනවා.

ඔහුගේ අභාවය පිළිබඳ පවුලේ ඥාතීන් පවසා සිටියේ මෙවැනි අදහසක්.

” “අපි සම්පූර්ණයෙන්ම කම්පා වී හදවත බිඳී සිටිනවා. ඔහු මේ ලෝකයෙන් නික්ම යන අවසන් මොහොතේදී, ආදරණීය, සෙනෙහෙබර, සාමකාමී වචන, සිතුවිලි, යාඥා සහ අරමුණු වලින් ඔහුව වට කර ගැනීමට අපට වාසනාව ලැබුණා. ඔහුගේ සියලු විශිෂ්ටතම මතකයන්, ඔහුගේ සිනහව සහ ඔහු අන් අයට ලබා දුන් ශක්තිය හා කරුණාව අපි සදාකල්ම වටිනා කොට සලකනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *