BREAKING NEWS
Search

සල්ලි අරන් නඩුවට නොආ ලෝයර්ට වැඩ වරදී

344

නඩුවකට පෙනී සිටීම සඳහා හමුදා මේජර්වරයකුගෙන් රුපියල් 50000/-ක් ලබාගෙන නඩුවට පෙනීනො සිට නීතිඥයකුට නුසුදුසු ආකාරයෙන් හැසිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතිඥ වසන්ත විජයවර්ධන මහතා නීතිඥභාවයෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

මෙවැනිම හැසිරීමක් හේතූවෙන් මීට පෙරදීත් වසර හතක තහනමක් පනවා තිබු නීතිඥ වසන්ත විජයවර්ධන මහතා මෙම සිද්ධියට අදාළව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය පවත්වු පරීක්ෂණයේදී හමුදා මේජර්වරයාුගෙන් ලබාගත් රුපියල් 50000/-ක මුදල යළි ගෙවීමට පොරොන්දුවි එම පොරොන්දුවද පැහැර හැරීම මෙන්ම පැමිණිල්ල සලකා බැලූ අවස්ථාවේදීත් කිසි විටෙකත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී නොසිටීමද සැළකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තීරණය කළේය.

වත්තේගම ප‍්‍රදේශයේ පදිංචි මේජර් අ”ප” පලිපාන මහතා ගොනුකර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව නීතිඥ වසන්ත විජයවර්ධන මහතා මෙලෙස නීතිඥභාවයෙන් ඉවත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන ප‍්‍රියන්ත ප‍්‍රාන්දු සහ ශිරාන් ගුණරත්න මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරිණී.

මූලික අයිතිවාසිකම් නඩුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලකට පෙනී සිටීමට පොරොන්දුවි රුපියල් 50000/-ක මුදලක් ලබාගෙන අදාළ මූලික අයිතිවාසිකම් නඩුවට පෙනී නොසිට ලබාගත් රුපියල් 50000/-ක මුදල හෝ ආපසු නොගෙවීමෙන් වගඋත්තරකාර නීතීඥවරයා.

නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරෙන ලදැයි චෝදනා කරමින් වගඋත්තරකරුට නීතීඥවරයාට එරෙහිව පැමිණිලිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොනු කෙරිණී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *