BREAKING NEWS
Search

Sinopharm මාත්‍රා තවත් මිලියනයක් දිවයිනට – පළමු මාත්‍රාව ලබා ගත් අයට විශේෂ දැනුම්දීමක්

122

චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් අද (ජූනි 6) මෙරටට ලැබුණු බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. අද අලුයම එම එන්නත් තොගය මෙරටට ලැබුණු බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ, එම එන්නත් ලබා දීමේදී Sinopharm පළමු මාත්‍රාව ලබා ගත් පිරිසට ප්‍රමුඛතාව ලබා දෙන බව ය. විශේෂයෙන් ම Sinopharm පළමු මාත්‍රාව ලබා ගත් සියලු දෙනා අනිවාර්යෙන් ම එහි දෙවන මාත්‍රාව ද ලබා ගන්නා ලෙස අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පැහැදිලි කළේ, එම එන්නතෙහි එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමෙන් නිසි ප්‍රතිඵල අත් නොවන බව ය. තව ද ඉදිරි සතිය තුළ තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් මෙරටට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍යවරයා පැවසීය.

තාරක සම්මාන්, ප්‍රියාශා හෙට්ටිහේවා
Source – Mawbima.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *