BREAKING NEWS
Search

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ අත්අඩංගුවට

145

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාසව දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය “සිරිකොත” ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රු.1,667,294.87 ක  පාඩුවක් සිදුකිරීම සහ එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරුව අද (16) පෙ.ව.11.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව දැනුම් දී තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *