මේ සමාජ මාධ්‍ය තුළ සැරිසැරූ තවත් එක් සංවේදී පුවතක්.
තාත්තා කෙනෙක් කොහොම නම් ඒ දුක දරාගන්න ඇතිද? වෛද්‍ය ශිරාන් මතංග ඔහුගේ මරණය ගැන බොහෝ දෙනා කතා කලේ අතිශ්‍යය සංවේගයකින් යුතුවයි.
තමන්ගේ පුතා මේ වගේ තැනකට ගේන්න ඒ මව්පියන් මොන තරම් නම් පෙරුම් පුරන්න ඇතිද? ඒත් ඒ සතුට වැඩිකල් විදින්න ඔවුන්ට වැඩිකලක් හමුවෙලා නැහැ.
කලක පටන් පැවති දියවැඩියා රෝගී තත්වයක් හේතුවෙන් හදිස්සියේම ජීවිතයෙන් සමුගත් මේ වෛද්‍යවරයාගේ නික්මයාමත් එක්ක බොහෝ දෙන්නා ඔහුගේ ගුණ ගැන කතා කළා.




























