BREAKING NEWS
Search

ජනප්‍රිය රංගන ශිල්පියෙක් ජීවිත අහසින් බැසයයි…

1070

ඉන්දීය සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියකු වන පංකජ් ධීර්, ඊයේ දිනයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලීන පිළිකා රෝගී තත්ත්වයක් සමඟ සටන් කිරීමෙන් පසු ඔහු මියයන විට 68 වන වියේ පසු වුණා.

බීආර්චොප්රාගේ’මහාභාරත්’ ටෙලි නාට්‍යයේ කර්ණාගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙන් පංකජ් ධීර් වඩාත් ප්‍රකට වුණා. එම චරිතය ඔහුගේ වෘත්තීය ජීවිතයේ සන්ධිස්ථානයක්.

ධීර් Sadak, Soldier, සහ Badshah වැනි චිත්‍රපටවල මෙන්ම, Chandrakanta, The Great Maratha, Yug, සහ Badho Bahu ඇතුළු විවිධ රූපවාහිනී වැඩසටහන් ගණනාවකද රඟපා තිබෙනවා.

මියගිය නළුවා ඔහුගේ බිරිඳ වන අනීතා ධීර් සහ ඔහු මෙන්ම නළුවෙකු වන පුත්‍රයා වන නිකිටින් ධීර් සමඟින් ජීවත් වුණා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *