BREAKING NEWS
Search

ඇය රෝහලට ගෙනයන විටත් ජීවිතයෙන් සමු අරන්.. අබිරහසක් ඉතුරු කරමින් යෞවනියක් ජීවිතයෙන් සමුගනී..

530
ඇගේ මරණය ඇත්තෙන්ම බොහෝ දෙනෙක්ට ඉතුරු කළේ අබිරහසක්.

ඒත් එක්කම මේ සිද්ධිය ගැන ඇසෙන කතාව වෙනස්.

ඇය තවමත් හිරිමල් වියට පා තැබූ යෞවනියක්. ජීවිතය ගැන මේ කියන තරම් ප්‍රශ්න ඇයට නොතේරෙනවාත් ඇති, ඒත්.. මේ තවත් හදවත සංවේදී කළ එක් සිදුවීමක්.

බොගවන්තලාව වතුයායේ නිවසක තොටිල්ලක එල්ලී සිටියදී 13 හැවිරිදි දැරියකගේ ගෙල සිරවී මිය ගොස් සිටි මළ සිරුරක් සොයාගෙන ඇති බව බොගවන්තලාව පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය 2025.10.14 වන අඟහරුවාදා සවස 5.45 ට පමණ සිදු වී ඇට්ටි බව පොලිසිය තවදුරටත් අනාවරණය කරනවා.

දැරියගේ ඥාතීන් ප්‍රකාශ ලබා දෙමින් කියා සිටියේ දැරියගේ නිවසට පැමිණි ඥාතියෙකුගේ දරුවෙකු සඳහා සකසන ලද තොටිල්ලක සෙල්ලම් කරමින් සිටියදී දැරිය ගිල සිරවී මිය ගොස් සිටි බවයි.

දැරිය තොටිල්ලේ එල්ලී සිටියදී දුටු දැරියගේ සහෝදරයා අසල්වැසියන්ට දැනුම් දුන් අතර, ඔවුන් දැරිය බේරාගෙන ඇයව බොගවන්තලාව දිස්ත්‍රික් රෝහලට ගෙන ගිය බව පැවසුවද රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ දැරිය රෝහලට ගෙන එන අවස්ථාවේදී මිය ගොස් සිටිය බවයි.

කෙසේ වෙතත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පර්‍යේෂණ සිදුකරනවා. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *