BREAKING NEWS
Search

වකුගඩු රෝගීන්ට සුභ ආරංචියක්

1470

එපොයිටින් පෙර පුරවන ලද එන්නත් 4,000 අයියූ සිරින්ජර් 650,000 ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එපොයිටින් එන්නත වකුගඩු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කරන ඖෂධයකි. පෙර පුරවන ලද එම ඖෂධ එන්නත් 4,000 අයියූ සිරින්ජර් 650,000 ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 4ක් ලැබී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය මත පදනම්ව, අදාළ ප්‍රසම්පාදනය  අවම ලංසුකරු වන ඉන්දියාවේ M/s Reliance Life Sciences (Pvt) Ltd. වෙත ඇමරිකා ඩොලර් 574,600ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *