මගීන්ට ප්‍රවේශපත්‍ර ලබා නොදුන් බස්නාහිර පළාතේ බස් කොස්දොස්තරවරුන් 57 දෙනකුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.
මෙම මස 01 දා සිට පසුගිය 10 දා දක්වා මෙසේ නීති කඩ කළ එම කොන්දොස්තරවරුන්ගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව අධිකාරියේ සභාපති, විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා කියයි.
වැඩ තහනමට ලක් කළ කොන්දොස්තරවරුන්ට, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් එක්දින වැඩමුළුවක් පවත්වන බවද ඒ මහතා පවසයි.
බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල ගමන් ගන්නා මගීන්ට ප්‍රවේශ පත්‍රය ළඟ තබා ගැනීම, පසුගිය 01 දා සිට අනිවාර්ය කර තිබිණි.
එම කාලසීමාව තුළ බස් රථ 500කට ආසන්න ප්‍රමාණයක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් පරීක්ෂාවට ලක්කර තිබේ.
සුජීව තත්සර

















