BREAKING NEWS
Search

පළාත් සභා ඡන්දය කවදාද?

79

පළාත් සභා ඡන්දය පැවැත්වෙන වකවානුව පිළිබඳව ඉදිරි සති දෙක ඇතුළත රජයෙන් පැහැදිලි පිළිතුරක් අපේක්ෂාවෙන් පසුවන බව පැෆරල් සංවිධානය පවසයි.

පළාත් සභා ඡන්දය දිගු කලක් කල් දැමිය යුතු නොමැති බවත් පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට රජයට හැකි අතර ඒ සඳහා රජය කළ යුත්තේ සුළු සංශෝධනයක් පමණක් බවත්, එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (13දා) පැවසීය.

පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳව සියලුම පක්ෂවල එකඟතාව ඇතිව සිය සංවිධානය සාකච්ඡා කළ බවද එහිදී කෙටි කලකින් ඡන්දය පැවැත්වීමට නම් පැරණි ක්‍රමයට යෑමේ එකඟතාවකට පැමිණි බැවින්, ඒ පිළිබඳව රජය දැනුවත් කළ බවත් ඒ මහතා පැවසීය.

“නව ඡන්ද ක්‍රමයට පළාත් සභා ඡන්දය පවත්වනවා නම්, සීමා නිර්ණ කටයුතු මාස හතරක් ඇතුළත නිමවන ලෙස සුළු සංශෝධන ඉදිරිපත් විය යුතුයි. එම මාස හතර තුළත් එය ක්‍රියාත්මක නොවන්නේ නම් පැරණි ඡන්ද ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීමට බලතල ලැබෙන වගන්තියක් ද සහිතව සංශෝධනය සිදුවිය යුතුයි.

එසේ නොවන්නේ නම් දින නියමයක් නැතිව ඡන්දය කල් දැමීම හොඳයි. නමුත් රජය ඡන්දය පැවැත්වීමේ අවශ්‍යතාව තේරුම් ගෙන ලබන වසරේ මුල් මාස හය ඇතුළත ඡන්දය පවත්වයි කියා අපි බලාපොරොත්තු වෙනවා” යැයි ද රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

සුජීව තත්සර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *