BREAKING NEWS
Search

යතුරු පැදි ජාවාරමක් ගැන එලියට ආ ඇග කිලිපොලා යන හෙළිදරව්ව

297

එකම ලියාපදිංචි සහතිකයෙන් යතුරුපැදි දෙකක් විකුණූ පුද්ගලයන් දෙදෙනකු සහ හොර එන්ජින් නම්බර් කොටන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව වාරියපොල පොලිසියේ අපරාධ අංශය කියයි.

මොවුන් කාලයක සිට යතුරුපැදි සොරකම් කර වෙනත් ලියාපදිංචි අංකවලට හරවා එම ලියපදිංචි යතුරු පැදිවල එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර විකුණන ජාවාරමක නිරත වී ඇතැයි පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වාරියපොල පොලිස් වසමේ බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේදී කරන ලද විමර්ශනයකින් මෙම තිදෙනාගෙන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී එකම ලියාපදිංචි අංකය සහිත යතුරුපැදි දෙකක්ද අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

අත් අඩංගුවට ගත් දෙදෙනාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ව්‍යාජ ලෙස එන්ජින් අංක සහ චැසි අංක වෙනස් ‍කරන පුද්ගලයාද එම කටයුතු සඳහා භාවිත කරන මෙවලම් කට්ටලක්ද සමග අල්ලා ගැනීමට පොලිසියට හැකිවී ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් කුරුණාගල බෝයගනේ, මල්කඩුවාව සහ වාරියපොල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *