මේ දින 738කට පසුව නිදහස ලැබූ නිවුන් සොහොයුරන් දෙදෙනෙකු ගැන ඇහෙන කතාවක්.
මේ කතාව අද මේ විදියට ඇහෙන්නේ ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් මේ වනවිට ආරම්භ කර ඇති පසුබිමකයි.
ජීවතුන් අතර සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 20දෙනෙකු අද දිනයේ නිදහස් කළ අතර එහි පළමුවෙන්ම නිදහස් කළ පිරිස අතර සිටින නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගේ ඡායාරූප මේ වනවිට විදෙස් මාධ්‍ය පුරා පළ වී තිබෙනවා.
ගාලි සහ සිව් බර්මන් නම් 28 හැවිරිදි තරුණයින් දෙදෙනාව දින 738කට පසුව මෙලෙස නිදහස් කර තිබේ.

















