BREAKING NEWS
Search

ට්‍රම්ප්ගේ කතාවට බාධා කළ ඊශ්‍රායල මන්ත්‍රීවරු දෙදෙනෙක් පාර්ලිමේන්තුවෙන් එළියට

101

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි ප්‍රයත්න මල්ඵලගන්වමින් මැදපෙරදිග කලාපයට අද (13) සාමයේ අරුණලු උදාවුණි.

ඒ දශක ගණනක් පුරා කලාපයට හිසරදයක්ව ඇති ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුමට විරාමයක් ගෙනඒමේ සාම සැලසුම අද සිට ක්‍රියාවට නැංවීමෙනි.

වසර දෙකක කාලයක් හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් අතරින් මේ වන විට ජීවතුන් අතර සිටින්නේ විසිදෙනෙකු පමණක් වන අතර ඔවුන් සියලුදෙනාම අද ඊශ්‍රායලය වෙත භාරදීමට හමාස් සංවිධානය කටයුතු කළේය.

දෙවසරක් තිස්සේ අපේක්ෂාවෙන් සිටි මෙම ඓතිහාසික අවස්ථාව රටපුරා ස්ථාන රැසක දී සජීවීව විකාශය කෙරුණු අතර එය සියැසින් දැකගැනීමටත් දහස් සංඛ්‍යාත ඊශ්‍රායල වැසියන් ප්‍රධාන නගරවලට රැස්ව සිටියහ.

මෙම සුවිශේෂී අවස්ථාවට එක්වීම සඳහා පැය 4ක් තරම් කෙටි කාලයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය වෙත අද පැමිණියේය.

මෙහිදී ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතූ අතර, එහිදී  ට්‍රම්ප්ගේ දීර්ඝ දේශනයට මෙහිදී බාධා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පලස්තීනය පිළිගන්නා ලෙස කෑගසමින් කතාවට බාධා කිරීම හේතුවෙනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *