BREAKING NEWS
Search

ගල්කිස්යේ සිදුවීමට සම්බන්ධ පොලිස් නිලධාරියා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක්

750

ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිදුවීමට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් හෙට (13) දිනයේ රජයේ නීතිඥවරයෙක් පෙනී සිටින බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

එමෙන්ම එහිදී පොලීසිය නිසි ආකාරයෙන් ක්‍රියා කළේ දැයි සෙවීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දී ඇති බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවය.

තවදුරටත් අදහස් දැක්වූ පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා,

“හෙට දින මෙම අධිකරණ කටයුත්ත නැවත කැඳවනවා. ඒ සඳහා නීතිපතිවරයාත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඔහුගේ සහාය ඇතිව රජයේ නීතිඥවරයෙක් සම්බන්ධ කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගන්නවා” යැයි පැවසීය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *