BREAKING NEWS
Search

නීතීඥවරයෙකුට පොලිස් කොස්තාපල්වරයෙකුගෙන් ප්‍රහාරයක්

358

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී අද (10) පොලිස් කොස්තාපල්වරයෙකු විසින් නීතීඥවරයෙකුට පහරදීමක් සිදු කර තිබේ.

නීතීඥවරයා විසින් පෙනී සිටි නඩු කටයුත්ත අවසන් වීමෙන් අනතුරුව සිය මෝටර් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර බස් රථයක් පැමිණ තිබූ අතර එම බස් රථයට යාමට ඉඩ සලසමින් මෝටර් රථය පිටතට ගන්නා ලෙස පොලිස් කොස්තාපල්වරයා විසින් නීතීඥවරයා දන්වා ඇත.

එහිදී නීතීඥවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර පසුව එම ගැටුම පහරදීමක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු එළැඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (10) නියෝග කළේය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *