BREAKING NEWS
Search

ගමම හඩවමින් අතුරුදන් වු සිසුන් දෙදනාගේ නිසල සිරුරු හමුවෙයි

7762

තැන්නේකුඹුර ප්‍රදේශයේදී අතුරුදන් වු බව කියන   පාසල් සිසුන් දෙදෙනාගේ මළ සිරුරු තැන්නේකුඹුර පාලමේ සිට කිලෝමීටර් 2 1/2ක් පමණ දුරින් ගුරුදෙණිය ප්‍රදේශයේ මහවැලි ජලාශයේ තිබී හමු වූ බව පොලිසිය කියයි.

එසේ මිය ගොස් ඇත්තේ කේ. ජගතීස් (14) සහ මොහොමඩ් මිල්හාන් (13) යන පාසල් සිසුන් දෙදෙනායි.

මොහොමඩ් මිල්හාන් සිසුවා මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ 9 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අතර ජගතීස් සිසුවා අනුවර ද්‍රවිඩ භාෂා පාසලක 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බව පවුලේ වැඩිහිටියෝ පවසති.

එම සිසුන් දෙදෙනා ඊයේ  (09)  සවස නිවෙස් වලින් පිටව ගොස් තිබූ අතර ඉතින් අනතුරුව ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති වීම හේතුවෙන් පොලිස් සහ නාවික හමුදා කිමිදුම් කරුවන් තැන්නේකුඹුර පාලම ආසන්නයේ සිට ඉන් පහළට වික්ටෝරියා ජලාශයේ පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමෙන් අනතුරුව මෙසේ ඔවුන්ගේ මළ සිරුරු හමුව තිබේ.

මියගිය කේ. ජගතීස් සිසුවාගේ මව වූ එම්. ඉන්ද්‍රාමනි මහත්මිය තම පුත්‍රයා සහ තවත් අයෙකු අතුරුදහන් වී ඇති බවට මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබූ අතර පසුව ඇය මාධ්‍ය හමුවේ පවසා සිටියේ ඇයගේ පුතා සහ මිතුරා විසිතුරු මත්ස්‍යයන් රැගෙන ඒම සඳහා හාරගම ප්‍රදේශයට යන බව පවසා නිවසෙන් පිටව ගිය බවයි.

එසේ නමුත් ප්‍රදේශවාසීන් මෙම සිසුන් දෙදෙනා තැන්නේකුඹුර පාලම අසල ගල් තලාවේ සිටින අයුරු දුටු බව ප්‍රකාශ වීමෙන් පසු වික්ටෝරියා ජලාශයේ සෝදිසි මෙහෙයුම් දියත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *