BREAKING NEWS
Search

උදෑසන කෑම කෑ දරුවන් හැටක් ලෙඩ වෙලා

106

පාදුක්ක වටරැක කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන්ට ඇති වූ අසාත්මිකතාවයක් මත දරුවන් හැටකට ආසන්න පිරිසක් පාදුක්ක ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව පාදුක්ක පොලිසිය පවසයි.

එලෙස රෝහල් ගත කළ දරු පිරිසෙන් කීප දෙනකු  ප්‍රතිකාර ලබා ගෙන පිටව ගොස් ඇති බවත් තවත් හතළිහකට ආසන්න රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් දරුවන් තිදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති බවත් පොලිසිය පවසයි.

පාසලේ උදෑසන ආහාරය ලබා ගැනීමෙන් පසු ඇතිවූ අසාත්මිකතාවයක් මත මෙලෙස දරුවන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *