BREAKING NEWS
Search

එවන් නායිකාවක් දැයෙන් සමුගෙන අදට වසර 25ක්..” හිටපු ජනපතිනි චන්ද්‍රිකා, මුහුණුපොතට එක්කළ විශේෂ සටහනක් මෙන්න..

361
සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය ගැන අදටත් බොහෝදෙනා කතා කරන්නේ හරිම ගෞරවයකින්..
ශ්‍රි ලංකාවේ තෙවරක් අග්‍රාමාත්‍ය පදවියට පත්වුණු ඇය 1960 – 1965, 1970 – 1977 සහ 1994 – 2000 යන කාල වකවානුවලදී මෙරට පාලනබලය හෙබවූවා. ඒත් ඇය හරිම සරල චරිතයක්. රටක් ලෙස තනිවම නැගිටින්න ඇය ලබාදුන් මගපෙන්වීම අතිවිශාලයි. අද මේ උතුම් කාන්තාව ගැන නැවතත් සිහිපත් කරන්න විශේෂ දවසක්. ඒ බණ්ඩාරනායක මැතිනිය දැයෙන් සමුගෙන අදට වසර 25ක් සපිරෙන නිසායි. හිටපු ජනපතිනි , චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අද ඇගේ මවගේ මතක නැවතත් අලුත් කරමින් මෙන්න මේ වගේ සටහනක් ඇගේ මුහුණුපොතට එක්කර තිබුණා.

“අසූව දශකයේ මැද භාගයේ එක් දිනක් මගේ මව හමුවීමට මගේ සහෝදරිය සමග මවගේ නිවසට ගියවිට, ඇයගේ පරම්පරාවෙන් ඇයට උරුම වූ රිදී භාණ්ඩ කීපයක් දෙස බලමින් සිටිනු මගේ මතකයේ රැඳී තිබේ. …ඇය ඒ ඒ එක් එක් භාණ්ඩයේ වටිනාකම සාකච්ජා කරමින් පසුවූවා ය.

පවුලේ උරුමයෙන් ලත් එම භාණ්ඩ අලෙවි කිරීමට ඈ කැමති වීම පිළිබද විමතියට පත් මම, ඇයට එසේ කිරීමට උවමනා වී ඇත්තේ ඇයිදැයි විමසා සිටියෙමි.

එවිට ඇය මට පැහැදිලි කර සිටියේ විදේශයකදී තමාට සිදු කිරීමට නියමිත උකුල් අස්ථියේ ශල්‍ය කර්මය සඳහා මුදල් අවශ්‍යව ඇති බවයි…

මේ වනාහි වසර දොලහක් රටෙහි අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ තැනැත්තියයි.

ඇගේ මූල්‍ය තත්වය දැකීමෙන් මම මහත් කම්පාවට පත්වීමි. නමුදු මම ඒ සමගම මගේ මව පිළිබඳව අභිමානයට පත්වීමි.
එවන් නායිකාවක් දැයෙන් සමුගෙන අදට වසර 25 කි.

ඔබට නිවන් සුව අම්මේ!”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *