BREAKING NEWS
Search

පස් අඹ­රන මැෂි­මට වැටුණු තරු­ණයා බේරාගත් මෙහෙයුම ගැන ඇසෙන ඇග හිරිවැටෙන කතාව

2279

කෑගල්ල පිංදෙ­ණිය පොලිස් වසමේ තුංතොට ප්‍රදේ­ශයේ මැටි ගඩොල් කැපී­මට පස් අඹ­රන මැෂි­ම­කට පස් දම­මින් සිටිය දී පය ලිස්සා මැෂි­මට වැටී­මෙන් බර­ප­තළ තුවාල ලබා සිටි තරු­ණ­යකු පැය තුනක මෙහෙ­යු­ම­කින් දිවි ගල­වා­ගෙන ඊයේ (07) දහ­වල් කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇතැයි වාර්තා වෙයි. මෙලෙස කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇත්තේ පිංදෙ­ණිය පොලිස් වසමේ තුංතොට ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින 27 හැවි­රිදි තරු­ණ­යෙකි.

බර­ප­තළ තුවාල ලබා කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කර ඇති තරු­ණයා තවත් තරු­ණ­යකු සමඟ මැටි ගඩොල් කැපීම කාල­යක සිට සිදු කර­මින් තිබේ. මොවුන් පස් අඹ­රන මැෂි­මක් ආධා­ර­යෙන් පස් අඹරා ගන්නා අතර පසුව ගඩොල් කැට කපා වේළා ගැනීම සිදු කරයි.

සුපු­රුදු පරිදි ඊයේ (07) තරු­ණ­යන් දෙදෙනා ගඩොල් කැපීම සිදු කරන ස්ථාන­යට පැමිණ වැඩ ආරම්භ කර ඇති අතර පෙර­වරු 10.00ට පමණ පස් අඹ­රන මැෂිම පණ ගන්වා අසල තිබුණු උදැ­ල්ල­කින් පස් මැෂි­මට ඇතුළු කර­මින් සිටි අව­ස්ථාවේ දී තරු­ණ­යාගේ පය ලිස්සා පස් ඇඹ­රෙ­මින් තිබුණු මැෂි­මට වැටී තිබේ. පසුව ක්‍රියා­ත්මක වෙමින් තිබුණු යන්ත්‍රය නතර වී තරු­ණයා ඊට සිර වී ඇත.

සෙසු තරු­ණ­යන් කෑගැ­සී­මෙන් පසු අස­ල්වැ­සි­යන් ද කෑගල්ල පොලී­සිය භාරයේ රඳවා ඇති 1990 හදිසි ගිලන් රථය ද කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ විශේ­ෂඥ වෛද්‍ය චන්දන විජේ­සිංහ මහතා විසින් විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු හා තවත් වෛද්‍ය­ව­ර­යෙක් ද සෞඛ්‍ය කාර්ය සහා­යක කණ්ඩා­ය­මක් හා ගිලන් රථ­යක් ද අදාළ ස්ථාන­යට පිටත් කර යැවිණි. පසුව පැය තුනක මෙහෙ­යු­ම­කින් තරු­ණයා යන්ත්‍ර­යෙන් මුදා­ගෙන මූලික ප්‍රති­කාර ලබා­දෙ­මින් කෑගල්ල මහ රෝහ­ලට ඇතු­ළත් කෙරිණි. තරු­ණ­යාගේ වම් කකුලේ අස්ථි­යක් බිඳී ඇති බව රෝහලේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය. තරු­ණ­යාගේ ජීවි­ත­යට හානි­යක් නැති බවත් රෝහල් ප්‍රකා­ශ­ක­යෙක් පැව­සීය.

කෑගල්ල විශේෂ-චමින්ද ජය­ලත්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *