BREAKING NEWS
Search

තාජුඩීන්ගේ මෝටර් රථය පසුපසින් ගිය රථයේ කජ්ජා සිටියාද ? CID යෙන් තහවුරු කිරීමක්

105

රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර 13ක් පුරා විමර්ශන සිදු කෙරේ.

කෙසේ වෙතත් තවමත් එම ඝාතනය සිදුකළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවී නොමැත.

එවන් පසුබිමක තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපසින් ගමන් ගන්නා ජීප් රථයේ මිද්දෙණියේදී ඝාතනය වූ අනුර විදානගමගේ නැමැත්තා සිටි බවට ඔහුගේ බිරිඳ පසුගිය දා විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබාදී තිබුණි.

ඒ ඊට අදාළ සීසීටීවී දර්ශන පෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීමේදීය.

ඒ අනුව විමර්ශන නිලධාරීන් මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව අදාළ රූපරාමුවල සිටින පුද්ගලයා කජ්ජා නැමැත්තා බවට තහවුරු වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා විමර්ශන සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *