නේපාලයේ නව ජීවමාන කන්‍යා දේවතාවිය තෝරාගනී

58

නේපාලයේ අවුරුදු දෙකක ගැහැණු ළමයෙකු එරට නව ජීවමාන කන්‍යා දේවතාවිය ලෙස තෝරාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය සැප්තැම්බර් 30 වන අඟහරුවාද කත්මණ්ඩු අගනුවරදී ‘ආර්යතාරා ශාක්‍යා’ නැමැති කුඩා දැරිය නව කුමාරි නොහොත් “ජීවමාන කන්‍යා දේවතාවිය” ලෙස තෝරාගෙන ඇති බවයි.

මීට පෙර නේපාලයේ ජීවමාන කන්‍යා දේවතාවිය ලෙස නම් කර සිටි ගැහැණු දරුවා වැඩිවියට පැමිණීමත් සමඟ නව කුමාරියක් තෝරා පත්කර ගැනීම මෙලෙස සිදුකර තිබෙනවා.

අවුරුදු දෙකත් හතරත් අතර වයස් කාණ්ඩයේ, ලප කැළල් රහිත පැහැපත් සමක් ඇති, අඳුරට බිය නොවන දැරියක් මෙලෙස නේපාලයේ ජීවමාන කන්‍යා දේවතාවිය ලෙස තෝරාගනු ලබනවා.

දැරියගේ පියා සහ පවුලේ සාමාජිකයන් විසින් ඇයව ඔවුන්ගේ නිවසේ සිට කුමාරි සාර් නම් දේවාල මාලිගාවට පෙරහැරකින් රැගෙන ආ අතර, එතැන් සිට ඇය වැඩිවියට පත්වන තෙක් නේපාලයේ ජීවමාන කන්‍යා දේවතාවිය ලෙස එහි රැඳී සිටිනවා.

හින්දු සම්ප්‍රදායේ ගෞරවයේ සලකුණක් වන කන්‍යා දේවතාවියගේ පාද වලට නළල ස්පර්ශ කිරීමට ආධාර කරුවන් පෙළ ගැසී සිටින අතර ඇයට එහිදී මුදල් සහ මල් පූජා කිරීම සිදු වෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *