BREAKING NEWS
Search

පුටින්ගෙන් අමෙරිකාවට දොස්

43

රුසියාව සමග සිදුකරන බොරතෙල් ගනුදෙනු නතර කරන ලෙස අමෙරිකාව ඉන්දියාවට බලපෑම් කිරීමට දරන උත්සාහයන් සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති පුටින් එක්සත් ජනපදයට දොස් පවරා තිබේ.

එමෙන්ම පුටින් පවසා ඇත්තේ ඉන්දියාව කිසි විටෙකත් එවැනි ඉල්ලීම්වලට හිස නොනමනු ඇති බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමබර හා ප්‍රඥාවන්ත නායකයෙකු ලෙසය.

එමෙන්ම පුටින් අවධාරණය කර ඇත්තේ රුසියාව සහ ඉන්දියාව විශේෂ සම්බන්ධතාවයක් පවත්වන බවත් ඉන්දියාව රුසියානු බොරතෙල් ආනයනය කිරීම හුදෙක් ආර්ථික ක්‍රියාවලියක් බවත්ය.

දෙරටේ ඉන්ධන ගනුදෙනුවල කිසිඳු දේශපාලනික පැතිකඩක් නොමැති බවද ඔහු අවධාරණය කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *