BREAKING NEWS
Search

පද්මේගෙ තවත් ආයුධ සොයා ගනී

156

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මෙ නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව මයික්‍රෝ වර්ගේ ගිනි අවියක් හා මැගසිනයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

පසුගියදා ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී කෙහෙල් බද්දර පද්මෙ නමැත්තා ඇතුළු පස්දෙනෙකු ඉන්දුනීසියානු පොලීසිය සහ පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණි .

කෙහෙල් බද්දර පද්මේ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3 හි රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී විවිධ අපරාධවලට යොදාගත් ගිනිි අවියක් ඌරගස් මං හන්දිය,කොස්ගොඩ මාර්ගයේ ඇති අතුරු මාර්ගයක බෝක්කුවක් යට  සඟවා තිබෙන බවට අනාවරණය කරන ලද තොරතුරු අනුව එය සොයාගත් බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *