BREAKING NEWS
Search

සිරගෙයි සිටි සැමියාට බිරිද ලබා දුන් පුදුම දේ

502

කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණ ශාලාවේ සිරමැදිරිය අසළදී බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි රැදවියකුට මත් ද්‍රව්‍ය තොගයක් ලබා දුන් එම රැදවියගේ බිරිය අත් අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වූ නඩුවකදී ලත් අධිකරණ නියෝගයක් අනුව බන්ධනාගාර ගත කර සිටින රැඳවියකු කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට අද (30)  ඉදිරිපත් කිරීමට අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබිණි.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ අදාළ රැදවියා ඇතුලු රැදවියන් පිරිසක් අධීකරණ ශාලාව තුළ පිහිටි සිර මැදිරිය වෙත රැගෙන යන අවස්ථාවේ අධිකරණ ශාලාවේ  රැදී සිටි කාන්තාවක විසින් එම රැදවියාට මත්කුඩු අඩංගු පාර්සලය ලබා දී තිබූ බව පොලිසිය කියයි. අදාළ රැදවියා සන්තකයේ තිබි සැකකාර කාන්තාව විසින් ලබා දී තිබූ මත්දව්‍ය අඩංගු පාර්සලය ද සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණ.

සැකකාර කාන්තාව විසින් රැදවියාට ලබා දි තිබූ එම පාර්සලයේ තිබී හෙරොයින් මත්කුඩු මිලි ග්රෑම් 480ක් හා දුම්කොල ග්රෑම් 300ක් ද සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

මත්කුඩු අඩංගු එම පාර්සලය අධීකරණ ශාලාව තුළදී  බන්ධනාගාර රැදවියාට ලබා දුන් බව කියන කාන්තාව මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාළ රැඳවියාගේ බිරිය බවට ද හඳුනාගෙන ඇති බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *