මධ්‍යම පිලිපීනයට බලපෑ රික්ටර් මාපකයේ 6.9 ක භූමිකම්පනයකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ සෙබු නගරයේ වෙරළට ආසන්නයෙන් මෙම භූම්පනය හට ගෙන ඇති බවය.
භූකම්පනයෙන් තවත් පුද්ගලයින් 147 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
භූමිකම්පනය හේතුවෙන් විදුලිය ඇනහිටීම් සහ ගොඩනැගිලි වලට දැඩි හානි සිදුව ඇති බව සඳහන්ය.
පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසන්නේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානයක් නොමැති බවය.
භූ කම්පනයේ බලපෑම් එල්ල වූ විසායාස් කලාපයේ පිහිටා ඇති සෙබු නගරයේ මිලියනයකට ආසන්න ජනගහනයක් සිටී.
ගොඩනැගිලි සුන්බුන් අතර සිටින පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙමින් පවතින අතර මරණ සංඛ්‍යාව ඉහළ තවත් යනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.


















