BREAKING NEWS
Search

අධික වේගය තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිකරයි

1142

හොරොව්පතාන කපුගොල්ලෑව මාර්ගයේ කටුවරගොල්ලෑව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර කපුගොල්ලෑව සිට හොරොව්පතාන දෙසට ධාවනය වූ ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින්  ධාවනය වු බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරෙන් මියගොස් ඇත්තේ හොරොව්පොතාන, කටුවරගොල්ලෑව සහ නෙළුගොල්ලෑව ප්‍රදේශවල පදිංචිව සිටි 20 හැවිරිදි සහ 21 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

යතුරු පැදියේ අධික වේගය අනතුරට හේතුව බව වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාකරු පැවසීය

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හොරොව්පතාන පොලීසිය විසින් සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *