BREAKING NEWS
Search

ගෙදරින් සල්ලි හොරකම් කළ අවුරුදු 13 දුවව පියා විසින් ඝාතනය කරලා

793

තම බාල වයස්කාර දියණිය ගෙල සිරකර මරා දැමීම සම්බන්ධයෙන් 40 හැවිරිදි පියෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

තම පියා අතින් ඝාතනයට ලක්ව ඇත්තේ බිචෞලා ප්‍රදේශයේ පදිංචිව සිටි හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සෝනම් නැමැති 13 හැවිරිදි දැරියක්.

ඊයේ (26) පස්වරුවේ අනුප්ෂහර පොලිස් බල ප්‍රදේශයේ පාලමක් යට පඳුරු අතර තිබී පාසල් නිල ඇඳුමකින් සැරසුණු දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ, දැරිය බ්‍රහස්පතින්දා පාසලට ගොස් ඇති බවත්, ඇගේ පියා වන අපේ ෂර්මා පාසලෙන් පසු ඇයව පාසලෙන් රැගෙන ගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

පියාගේ ප්‍රශ්න කිරීම් වලින් හෙළි වූයේ දැරිය පාසලෙන් නිවසට රැගෙන යමින් සිටියදී, ඔහු ඇයව තම කුඹුරට ගෙන ගොස්, ලේන්සුවකින් ගෙල සිර කර මරා දමා, පසුව ඇගේ සිරුර ඇළකට විසි කළ බවයි.

පියාගෙන් වැඩිදුරටත් සිදු කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ දැරිය පසුගිය දින කිහිපය තුළ නිවසින් මුදල් සොරකම් කර ඇති බවයි.
ඒ, හේතුවෙන් තමා සහ බිරිද අතර ආරවුල් ඇති වූ බවත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

තම දියණිය ඝාතනය කිරීමෙන් පසු, ඔහු පාසලට දැනුම් දී ඇත්තේ තම දියණිය ඥාතීන් සමඟ නැවතී සිටීමට ගොස් ඇති බවත් ඉදිරි දින තුන හතර තුළ නැවත පාසලට නොඑන බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *