BREAKING NEWS
Search

හදවත් රැසක් සංවේගයට පත්කරමින් ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිවිසැරිය නිම කරයි..

4372
මේ කියන්න යන්නේ ඇත්තටම බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුණු රංගන ශිල්පියෙකු ගැන ඇසෙන කතාවක්.


ඔහුගේ මේ වියෝව ඔහු වටා ඉන්න රසිකයින් කොහොම නම් දරාගනීවිද?

අමෙරිකාවේ රංගන ශිල්පියෙකුවන ජෝන් ක්‍රිස්ටෝපර් ජෝන්ස් මියගොස් තිබෙනවා. මියයන විට ඔහු 77 හැවිරිදි වියේ පසුවූවා.

Hurlyburly, The Goodbye Girl, The Iceman Cometh, සහ Beauty and the Beast වැනි නාට්‍යවලට ඔහු රංගනයෙන් දායක වී තිබෙනවා.

සැප්තැම්බර් 20 වැනිදා ජෝන්ස්ගේ බිරිඳවන මේරිබෙත් කූඩල්, ඔහුගේ අභාවය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කරමින් කියා සිටියේ, ඔහු “ඔහුගේ පවුල සමග සාමකාමීව අවසන් හුස්ම හෙළූ” බවයි.

ජෝන්ස් පාකින්සන් රෝගයේ සංකූලතා හේතුවෙන් මිය ගිය බවද ඇය සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ, ජෝන්ස් වේදිකා නාට්‍ය ගණනාවකට පෙනී සිටි අතර, නිව් යෝර්ක්හි ක්ලැසික් ස්ටේජ් සමාගම, සෙන්ට්‍රල් පාර්ක්හි නිව් යෝර්ක් ෂේක්ස්පියර් උළෙල, සහ ලින්කන් සෙන්ටර් ඇතුළු රංග කණ්ඩායම් සඳහා ෂේක්ස්පියර් නාට්‍ය 25කට අධික සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණය කර තිබෙනවා.

එමෙන්ම ඔහු විවිධ චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍යවලට ද රංගනයෙන් දායක වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *