ළදරුවන් සහ අවයව අලෙවි කිරීමේ නිරත වූ කාන්තාවක වන ‘ලා ඩියාබ්ලා’ අත්අඩංගුවට ගෙන උතුරු මෙක්සිකෝවේ සිදුවූ එම මහාපරිමාණ ජාවාරමක් අනාවරණය කරගත් බව විදෙස් වාර්තා පවසනවා.
අමෙරිකානු-මෙක්සිකානු ඒකාබද්ධ මෙහෙයුමකින් ඇය අත්අඩංගුවට ගෙන තිබුණා.
මාර්තා ඇලීෂියා මෙන්ඩේස් ඇගුයිලාර් නමැති මෙම ජාවාරම්කාරිය, මෙක්සිකෝවේ ජාලීසෝ නිව් ජෙනරේෂන් කාටල්හි සාමාජිකාවක්.
දුප්පත්, ගර්භනී කාන්තාවන් දුරස්ථ ගම්බිම් වෙත රැගෙන ගොස් නීතිවිරෝධී සිසේරියන් සැත්කම් සිදුකර ළදරුවන් ලබාගෙන ඔවුන් මරාදැමීමේ නිරත වන ජාවාරම්කාරියක ලෙසයි ඇය ප්‍රකටව ඇත්තේ.
මෙම ජාවාරම්කාරිය, මරාදැමූ මව්වරුන්ගේ අවයව රැගෙන වෙනම අවයව ජාවාරමක නිරත වන බවට අනාවරණය වී තිබෙනවා.
එලෙස ලබාගන්නා ළදරුවන්, දරුවන් හදාවඩා ගැනීමට සොයන අමෙරිකානු යුවළ සොයා අලෙවි කරන අතර අමෙරිකානු ඩොලර් 14000කට පමණ එක් දරුවකු අලෙවි කරන බවයි විමර්ශකයන් හෙළිදරව් කරගෙන ඇත්තේ.
ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලයට අනුව මෙම ජාවාරම ත්‍රස්තවාදීන් අරමුදල් සපයා ගැනීම සඳහා යොදාගන්නා මුලාශ්‍ර බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.
‘ලා ඩියාබ්ලා’ යන ස්පාඤ්ඤ වචනයෙහි අර්ථය වන්නේ ‘යක්ෂණි’ යන්නයි.


















