එකම ආයතනයක සේවය කළ දෙදෙනා අතර ඇතිවූ ආරවුල මරණයකින් කෙළවර වෙයි

412

පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල සහිතව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර සිටි කාන්තාවක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (26) සවස් කාලයේ වැලිකඩ පොලිස් වසමේ අංගොඩ ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු  65ක් වූ අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අසල්වාසී පුද්ගලයෙකු වන අතර මියගිය කාන්තාව සහ සැකකරු එකම ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක් සිදුකරමින් සිට ඇත.

ඇතිවූ ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් අදාළ කාන්තාවගේ නිවසේදී ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මෘතශරීරය මුල්ලේරියාව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *