BREAKING NEWS
Search

බයි කඳවුර ජයග්‍රහණය කරනවා කියන්නේ, මේ රටේ පුරවැසියා දිනනවා කියන එක

65

මේ රටේ බයි කඳවුර ජයග්‍රහණය කරනවා කියන්නේ, මේ රටේ පුරවැසියා දිනනවා කියන එක බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

යුව රජු කෙනෙක් ලග තියාගෙන සිටින විට දැනෙන හැගීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“එහෙම හිතාගෙන ඉන්න ගොඩාක් අය මේ රටේ ඉන්නවා. දැන් ආණ්ඩු පක්ෂයේත් ජනාධිපතිවරයා ඉන්නවා. හැබැයි ඉතින් ආණ්ඩුවෙත් ජනාධිපතිවරයා කියලා හිතාගෙන ඉන්න බොහෝ අය ඉස්සරහා පුටුවේ වාඩිවෙලා ඉන්නවා. ඉතින් ඒක මේ රටේ දේශපාලන ස්වභාවය.”

“මේ රටේ බයි කඳවුර ජයග්‍රහණය කරනවා කියන්නේ, මේ රටේ පුරවැසියා දිනනවා කියන එක. ඉතින් නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති, මේ රටේ ජනතාවාදී ප්‍රතිපත්ති එක්ක අපි යන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිම තමයි.

අපි පක්ෂයක් විදිහට මේ රටේ ජනතාව එක්ක දේශපාලනය කරනවා. අපේ ඉලක්කය ජයග්‍රහණය කරන්නේ ප්‍රතිපත්ති සහ ජනතාව. පුද්ගලයෝ නෙමෙයි.”

“හැම පක්ෂයකම නොයෙක් මත තියන අය ඉන්නවා. දැන් උදාහරණයකට, ආණ්ඩුවට ඉන්නවා ලාල් කාන්ත ඇමතිවරයා. ඒ වගේ අපිටත් ඉන්නවා තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *