මෙම මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව අද (25) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා තිබෙනවා.
සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කළේ, මේ අනුව රු. 3,014,260,000.00 (තුන් බිලියන දාහතර මිලියන දෙසිය හැට දහසක) මුදලක් ප්‍රතිලාභීන් 602,852 ( හයලක්ෂ දෙදහස් අටසිය පනස් දෙකක්)ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.




















