BREAKING NEWS
Search

හුගක් බුදු වදන් මතකයට එනවා වුනත්,හිත හදා ගත්තේ කොහොමද?

2379

ඔය මූනේ තියෙන්නේ ලේ කැක්කුම නොවේදෝ. හුගක් බුදු වදන් මතකයට එනවා වුනත්,හිත හදා ගත්තේ කොහොමද අපෙ හාමුදුරුවනේ.අපටත් කියාදෙන්න දරාගත්තේ කොහොමද කියලා. දුක ටිකක් හෝ අඩුවේවි.අපිවත් දායක කරගන්න.

සිවුරක් දරන හැමකෙනෙකුට මේ හැඟීම දැනුනා ඇති…..

වෙනදා හැඩුව විහඟුන් අද ගොළු වීලා

හමනා මද පවන තුරු මත නැවතීලා

හිරු අවරට නැඟී රහසක් සඟවාලා

කත්නෝරුවම නිහඬ යි ඔබ සිහීවීලා

දෛවය මෙලෙස සරදම් කර හිනැහෙනවා

උදයට පිපුණු මල හවසට පරවෙනවා

දුක සැප දෙකම එක විදියට  පල දෙනවා

අටලෝ දහම මේ විදිහට කැරකෙනවා

පුන්චිම කාලයක් සිත සුව රැන්දූ

මතකය පමණකට සීමා කොටු බැන්දූ

නැතිවෙන බවක් යටිසිත වත් නොම දැන්වූ

කෙතරම් බරද ජීවිතයේ සමහර සිත්රූ

දම් සක පතුරනා හඬ මන බඳින

යතිවර ලකුණ ලෝ සතුනගෙ දුක නිවන

දුටුවෙ නුඹගෙනුයි ඔහුගේ  තෙත ලයද

ගත රැඳු සිව්‍ර දෝ නිව්වේ සෝ කඳුළ

වෙනදා වගේ අද දිනයෙත් අඳුර ගලා

ගොම්මන් වැටෙයි තව ටිකකින් එළිය මකා

පායන ළහිරු හෙට නැඟුනත් නිවස අරා

කවදා විඳිම්දෝ  ඒ ගත් එළිය සොරා

සමුදෙන බවක් හැඟුමක් මට නැත, දැනෙන

ඉන්නා බවක් සැමදා මට සිත කියන

ලග නැති උනත් අය්යේ උබ ලඟම ඉඳ

හීනේන් ඇවිත් පලයන් මට එය වේ නිවන

සසරේ මෙවන් කිසි විපතක් නොම වේවා

කරනා කුසල් වේ නම් යලි මතු වේවා

එකම දහම් මඟකදී යලි හමු වේවා!




Leave a Reply

Your email address will not be published. Required fields are marked *