BREAKING NEWS
Search

අපි මහනායක හිමිවරුන් හමුවී අපේ දුක කියනවා..! විශ්‍රාමික මන්ත්‍රී වැටුපෙන් ජීවත්වන පිරිස සටනේ..

47
විශ්‍රාමික මන්ත්‍රී වැටුප නවතා දැමුවොත් තමන් මුහුණ දෙන ගැටළු සහගත තත්ත්වය පැවසීමේ අරමුලින් හෙට දිනයේ මහ නායක ස්වාමීන් වහන්සේලා හමුවිමට යන බව විශ්‍රාමික මන්ත්‍රී සංසදයේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ සදහන් කරනවා.
‘ අපි උන් වහන්සේලාට අපේ ජීවත්වන විදිහ ගැන කියනවා. අපේ සංසදයේ ඉන්න හැමෝම අයථා අන්දමින් සල්ලි හොයල නැහැ. ඒ නිසා අපිට සල්ලි නැහැ. අපි ජිවත් වෙන්නේ පෙන්ෂන් පඩිය හැටියට ලැබෙන 50.000 ත් – 60.000 ත් අතර මුදලකින්.
මේ අය හැමෝම වයස් ගත අය. තවත් රස්සාවක් කරනවා තියා හිතන්නවත් බැහැ. සමහරු විවිධ රෝගවලින් පීඩා විදිනවා. ඒ වගේම ඇතැමුන්ට ආබාධ සහිත දරුවෝ ඉන්නවා. තවත් අයට දරුවෝ හිටියත් ඒ දරුවන්ට දෙමව්පියන්ට සලකන්න තරම් සල්ලි නැහැ.
ඊළගට ස්වාම් පුරුෂයා නැති වැන්දඹුවොත් මේ අය අතර ඉන්නවා. ඇයි, මේ මිනිස්සු ගැන මේ අය හිතන්නේ නැත්තේ. විශ්‍රාම වැටුප නැති කලොත් මේ විශ්‍රමිකයෝ ජීවත්වෙන්නේ කොහොමද..? මැරෙන්න තමයි වෙන්නේ. අපි හොරු නෙමෙයි, රටේ සල්ලි හොරකම් කරල නැහැ අපි. ඒ නිසා මේ දුක අපි උන් වහන්සේලාට කියනවා. වෙන කියන්න කෙනෙක් අපිට නැහැ.”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *