BREAKING NEWS
Search

ලෝකයේම හදවත් කම්පා කළ ආදර කතාව

191

අමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හි සත්ව සංරක්ෂණ උද්‍යානයක පැවති ප්‍රසංගයක් අතරතුර කොටියෙකු සිය පුහුණුකරුට පහරදී මරා දැමීමේ ඛේදනීය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොටියාගේ ප්‍රහාරයට ලක්වූ 37 හැවිරිදි රයන් ඊස්ලි එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

ටෙක්සාස් දේශසීමාව අසල ගිනිකොනදිග ඔක්ලහෝමා හි හියුගෝ හි ග්‍රෝලර් පයින්ස් ටයිගර් රක්ෂිතයේදී පසුගිය සෙනසුරාදා සවස 2ට පමණ මෙය බියකරු සිදුවීම සිදුව ඇත.

ඊස්ලි සහ කොටියා ප්‍රේක්ෂකයින් වෙනුවෙන් රංගනයක් ඉදිරිපත් කරමින් සිටියදී මෙම පහරදීම සිදුව තිබුණි.

සපා කෑ කොටියා කුඩා කාලයේ සිටම ඊස්ලි විසින් ඇති දැඩි කර ඇති අතර, කොටියා ඊස්ලිගේ බෙල්ල සහ උරහිස කපා කන මොහොතේ එම ස්ථානයේ ඊස්ලිගේ බිරිඳ සහ කුඩා දියණිය ඇතුළු ප්‍රේක්ෂකයින් රැසක් බලා සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවීමෙන් අනතුරුව ඊස්ලිගේ බිරිඳ දිවගොස් කොටියාව වෙනත් කූඩුවකට ඉවත් කළ බව ද වාර්තා වේ.

මරණ පරීක්ෂණය සඳහා ඊස්ලිගේ දේහය ඔක්ලහෝමා හි ටුල්සා හි පිහිටි රාජ්‍ය වෛද්‍ය පරීක්ෂක කාර්යාලයට ගෙන ගොස් තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *