විසි හැවිරිදි තරුණයකු 40 වියද ඉක්මවූ තිදරු මවක සමග පවුල් කෑමට යාමේ සිද්ධියක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වෙනවා.
මොහු එහි පැමිණි හතලිස් වියද ඉක්ම වූ මවක සමග පෙමින් බැඳෙන්නේ සියලු දෙනාටම හොර රහසිනි.
මේ කිසිවක් බාධාවක් කර නොගත් තරුණයා තම පෙම්වතිය සමග ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාව දිගටම පවත්වාගෙන ගියේය. පෙම්වතියගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවලද රාත්‍රි කාලයේද තරුණයා ඇයගේ නිවසට යාමට ඒමට පුරුදු වූයේ කාටත් හොර රහසේය.
එහෙත් මේ පිළිබඳව ඉව වැටී සිටි සැමියා සැඟවී සිට, පෙම් සුව විඳිමින් සිටි තම බිරිඳ හා තරුණයා අතටම හසු කරගන්නේ, උස් මහත් වූ දරුවන්ද විමතියට පත් කරමිනි.
එහිදී සැමියා දරුවන් තිදෙනා ගැන සිතා සිය බිරිඳට සමාව දී ඇය බාර ගැණීමට කැමැත්ත පළ කර ඇත.
තරුණයාගේ පියාද පුතාගේ පෙම්වතිය බාර ගෙන තම ගමට කැඳවාගෙන යාමට කැමැත්ත පළ කර ඇත.
මැදිවියේ පසු වූ තරුණයාගේ පියා තම පුතා හා වැඩිමහල් පෙම්වතියද බාර ගෙන, දරුවන් හඬා වැටෙද්දී ගමට යන්නට මගට බැස්සේ ”මටත් ඉතිං වතුර ටිකක් හරි දෙන්න කෙනෙක් ඉන්න එපායැ” යැයි කියමිනි.



















