වෝනර් බ්‍රදර්ස් චිත්රපට සමාගම හිමිකාරීත්වය දරන ලන්ඩන් නුවර ලීවස්ඩන් චිත්රාගාර සංකීර්ණයේ සිදු කළ රූගත කිරීමකදී බිම ඇදවැටී හෝලන්ඩ්ගේ හිසට තුවාල සිදුවී ඇති අතර, ඔහු වහාම රෝහල්ගත කිරීමට පියවර ගත් බව එහි නිෂ්පාදක කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.
ඔහුගේ තත්ත්වය බරපතළ නොවූවද, එම අනතුර හේතුවෙන් චිත්රපටයේ වැඩකටයුතු සති ගණනාවකට අත්හිටුවීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ.
පවුම් මිලියන 150ක වියදමින් නිර්මාණය වන ස්පයිඩර් මෑන් නවතම චිත්රපටය ලබන වසරේදි තිරගත කිරීමට නියමිතව තිබූ බව ද වාර්තා වේ.


















