BREAKING NEWS
Search

ගෑස් ලොරියෙන් ආ මාරයා පාසැල් සිසුවිය බිලිගනී

179

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ මීරිගම ජාතික පාසල ආසන්නයේදී ගෑස් ප්‍රවාහනය කරන  රථයක  යතුරු පැදියක් ගැටීමෙන් බරපතල තුවාල ලැබූ  පාසල් ශිෂ්‍යාවක  අද(23) දහවල්  මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි .

මෙසේ මියගොස් ඇත්තේ මීරිගම ඩී.එස්.සේනානායක ජාතික පාසලේ උසස් පෙළ පංතියක ඉගෙනුම ලබන, නිට්ටඹුව නවගමුවේ පදිංචිකාරියක වන කේ. කේ. ක්‍රිෂානි ශනායා (17) නැමැති තරුණියකි.

පාසල අවසන් වීමෙන් පසු ප්‍රධාන මාර්ගයට පැමිණි පාසල් ශිෂ්‍යාව ප්‍රධාන මාර්ගයේ මීරිගම දෙසට නවතා තිබූ යතුරුපැදියකට ගොඩ වී ඇතැයිද ඒ අවස්ථාවේ පැදිකරු යතුරුපැදිය පණ ගන්වා පස්යාල දෙසට ගමන් කිරීම සඳහා  ආපසු හැරවීමේදී මෙම අනතුර සිදුවී ඇතැයි හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි. ගෑස් ප්‍රවාහන රථය යතුරුපැදියේ ගැටීමක් සමග විසි වී ගිය පාසල් ශිෂ්‍යාව එහි රෝදයකට අසුවූ බවට සලකුණු ඇතැයි පොලිසිය සඳහන් කරයි. යතුරුපැදිය පැදවූ තරුණයා අනූ නමයෙන් බේරී ඇති අතර  තුවාලකාරිය මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මරණයට පත්වූ බව හෙළි වූ බවද පොලිසිය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *