BREAKING NEWS
Search

ඇෆ්ගනිස්තානයේ සිට දරුවෙක් ගුවන්යානයක රෝදය ඇති ස්ථානයට නැඟ ඉන්දියාවට ඇවිත්

958

ගුවන්යානයක රෝද සම්බන්ධ වන කොටසකට නැඟ ඇෆ්ගනිස්තානයේ සිට ඉන්දියාවේ දිල්ලි නගරය වෙත පැමිණි 13 හැවිරිදි පිරිමි ළමයෙක් පිළිබඳ පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

කාබුල් හි සිට පියාසැරිය ආරම්භ කළ මෙම යානයේ රෝදය ඇති ස්ථානය වෙත දරුවා නැග ඇත්තේ ඒ සම්බන්ධයෙන් ඇතිවූ කුතුහලය හේතුවෙනි.

මිනිත්තු 94ක ගුවන් කාලයකින් අනතුරුව යානය ඉන්දියාව වෙත පැමිණ ඇති නමුත් මෙම අනතුරුදායක ගමනේදී දරුවාට කිසිදු හානියක් සිදුව තිබුණේ නැත.

කුන්දුස් නගරවැසියෙක් වන මෙම දරුවා දිල්ලි හි ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේ ඔබමොබ යමින් සිටියදී එහි නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙම පුවත අනාවරණ වී ඇත.

පැය කිහිපයක් සිදුකළ ප්‍රශ්නකිරීම්වලින් පසුව දරුවා කාබුල් නුවර වෙත ගුවන්යානයකින් පිටත්කර හැර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *