BREAKING NEWS
Search

බෝට්ටුවකින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙක් අතුරුදන්

46

ධීවර රැකියාව සඳහා පිටව ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වී තිබේ.

පසුගිය 21වනදා සවස් කාලයේ කල්පිටිය, සින්නකුඩිඉරිප්පු කළපු තීරයෙන් බෝට්ටුවකින් ධීවර කටයුතු සඳහා පිටව ගිය පුද්ගලයින් දෙදෙනෙකු නැවත නොපැමිණීමක් සම්බන්ධව ඊයේ (22) දින කල්පිටිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදන් වූ පුද්ගලයින් අවුරුදු 27 හා 34 වයස්වල පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

අතුරුදන් වූ අයවලුන් සොයා කල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් හා නාවික හමුදා නිලධාරීන් එක්ව මෙහෙයුම් දියත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *