BREAKING NEWS
Search

ජනපති මුල්ගල් තැබූ යාපනය ජාත්‍යන්තර ක්‍රීඩාංගන භූමියෙන් උණ්ඩ රැසක් මතුවේ

212

යාපනය ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ඉදිකරන ඉඩමෙන් හමු වූ උණ්ඩ අද අධිකරණයේ අවසරය ඇතිව ගොඩගෙන තිබෙනවා.

මන්ඩතීව් හි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතරතුර, පසුගිය සෙනසුරාදා භූමියේ වළ දමා තිබූ උණ්ඩ ප්‍රමාණයක් සොයා ගන්නා ලදී.

කයිට්ස් පොලිසියට දැනුම් දීමෙන් පසු, එම ස්ථානයට ගොස් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය උණ්ඩ ගොඩගැනීමට අවසර ඉල්ලා කයිට්ස් අධිකරණයෙන් කළ ඉල්ලීමකින් පසුව ඊට අවසරය හිමි වුණා.

ඒ මත පදනම්ව, අද උණ්ඩ ගොඩගැනීමට පොලීසිය පියවර ගත්තා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ඉදිකිරීමට මුල්ගල තැබුවේ මේ මස පළමු වැනිදායි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *