BREAKING NEWS
Search

දුම්වැටි විකිණූ සිසුවා ලොකු හොරකමක් අල්ලා දෙයි.පැමිණිල්ල විදුහල්පතිගෙන්

1153

තණමල්විල ප්‍රදේශයේ පාසලක එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු දුම්වැටි අලෙවි කරන බවට විදුහල්පතිවරයා විසින් පොලිසියට 17 වැනිදා සිදුකරන ලද දැනුම්දීමක් මත සිදුකළ වැටලීමක දී එම සිසුවාගෙන් ලද තොරතුරු අනුව විදෙස් දුම්වැටි අලෙවි කළ වෙළෙඳසල් හිමියකු තණමල්විල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිසුවා පාසල තුළ රට සිගරට් විකුණමින් සිට තිබේ. පොලිසිය පාසලට ගොස් එම සිසුවාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එම සිසුවාගේ මඟපෙන්වීම මත සූරියවැව නගරයේ වෙළෙඳසලක තිබූ නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද ඩබල් ඇපල් දුම්වැටි 180ක්, මැන්චෙස්ටර් ඩබල් ස්විච් දුම්වැටි 120ක්, මැන්චෙස්ටර් ග්‍රීන් ඇපල් දුම්වැටි 17ක්, අග්ග්‍රොස් දුම්වැටි 115ක්, මැන්චෙස්ටර් රතු දුම්වැටි 33ක්, ඇම්බර් කුෂන් දුම්වැටි 40ක්, මැන්චෙස්ටර් ගෝල්ඩ්ලීප් දුම්වැටි 120ක් වශයෙන් මුළු දුම්වැටි 690ක් සොයාගෙන තිබේ.

එම තොගයේ වටිනාකම රුපියල් තුන් ලක්ෂ අසූ අට දහසකි. දුම්වැටි තොගය සමග ඒවා අලෙවි කළ තිස් අට හැවිරිදි වෙළෙඳසල් හිමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සහ නඩුභාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සූරියවැව පොලිසියට භාරදී ඇත. තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ඩී.එම්.පී බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැටලීම කළහ.

බඩල්කුඹුර රවිඳු ගුණතිලක සහ සූරියවැව නුවන් ජයසේකර




Leave a Reply

Your email address will not be published. Required fields are marked *