BREAKING NEWS
Search

ජන හදවත් දිනාගත් දේශපාලන චරිතයක් නොසිතූ මොහොතක දිවිසැරිය නිම කරයි..

1727
ඔහුගේ දේශපාලන ජීවිතය තුළ ඔහු කළ දේ බොහෝමයි. ඔහු දිනාගත් හදවත් බොහෝමයි.

ඒත් අද මේ පුද්ගලයා ගැන ඇසෙන්නේ හද සසල කරවන කතාවක්.

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව මුණසිංහ අද උදෑසන මිය ගොස් තිබෙනවා.

මියයන විට ඔහු 47 වැනි වියේ පසු වුණා.

අද උදෑසන ව්‍යායාම සඳහා ඇවිදීමට ගොස් සිටියදි පෙ.ව 6.00ට පමණ ඔහු ඇද වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් බොරකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මියගිය මහීල් රංගජීව මුණසිංහ කරන්දෙණිය, බොරකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටියා.

මියගිය සභාපතිවරයාගේ මෘත දේහය මේ වන විට කරන්දෙණිය, බොරකන්ද ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.

පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය පක්ෂය යටතේ බොරකන්ද කොට්ඨාශයට ඔහු තරග කළා.

එහිදී ජයග්‍රහණය ලැබූ මහීල් රංගජීව මුණසිංහ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත්වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *