සුදුළුණු වල තිබෙන වාසි රාශියක් නිසා නිතර අප සුදුලුනු ආහාර වලට එක්කර ගනු ලබනවා.
අතීතයේ ඊජිප්තු වැසියන් සුදු ළුණු බික් හැපීමට හුරුවී සිටි අතර තම වෙහෙසකර සිරුර ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගෙන දිගු කාලයක් ජිවත් වෙන්න අවශ්‍ය ශක්තිය සුදු ළුණු හැපීම මගින් ඔවුන් ලබා ගෙන තිබෙනවා.
සුදු ළුණු වල තිඛෙන ඉතා වැදගත් පෝෂණ සංගටකයක් ඇලිසින් ලෙස හදුන්වනු ලබනවා.
මෙම සංඝටකය සුදුළුණු තැලීම මගින් ලබාගත හැකි අතර සුදු ළුණු පිසීමේදී මේ ඇලිසින් විනාශවි යනවා.
තලා ගත් සුදු ළුණු විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර ආහාරයට ගත් විට මෙම පෝෂණ සංඝටකය ඔබේ ශරීරයට ලබා ගැනීමට පුළුවන්.
මෙසේ සිදු කිරීම මගින් සුව බර නින්දක් ලැඛෙන බව පැවසෙනවා. එපමණක් නොවේ සුදු ළුණු තම සාක්කුවේ දමා ගෙන යන පුද්ගලයන්ද සිටිනවා. එසේ සිදු කිරීම මගින් ජිවිතට වාසනාව ලැඛෙන බව ඔවුන් තදින්ම විශ්වාස කරනවා.
ඔබත් මේ සරල ක්‍රමයන් උත්සාහ කර බලන්න. සුදු ළුණු කැබැල්ලක් ඔබේ කොට්ටය යටින් හෝ සාක්කුවේ දමා ගැනීම මගින් ඔබ වටා තිබෙන රිනාත්මක බලවේග ඉවත් කරගෙන රාත්‍රී සුවබර නින්දක් ලබා ගන්නටත් පුළුවන්.

















