BREAKING NEWS
Search

ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක් ගිනි ගනී

127

නාවලපිටියේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රීරෝද රථයක ගින්නක් හට ගෙන තිබේ.

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් රියදුරා විසින් පරික්ෂා කිරීමට යෑමේදි එක්වරම ගින්න හට ගෙන ඇති බව නාවලපිටිය පොලීසිය පැවසුවේය.

ප්‍රදේශවාසීන් සහ ගිනිගත්හේන පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ ද ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩිව අලාභ හානි සිදු ව ඇති බව වාර්තා වේ.

ගින්න හට ගන්නා අවස්ථාවේ ත්‍රීරෝද රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති අතර ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *