BREAKING NEWS
Search

25 හැවිරිදි තරුණයා කන්ටේනර් රථයක ගැටී මරුට

167

කොළඹ නුවර මාර්ගයේ යක්කල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් කන්ටේනර් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී එහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙකි.

යක්කල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *