BREAKING NEWS
Search

කඩුවෙල නගරාධිපතිගෙන් විදුලි සේවකයන්ට තර්ජනයක්

93

කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විදුලි සේවක සංගමයක සාමාජිකයකුට දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධිය දැඩි පිළිකුළෙන් හෙළාදකින බව ලංකා විදුලිබල මණ්ඩල ජාතික සේවක සංගමයේ ලේකම් අජිත් දේවප්‍රිය මහතා අද (19) පැවසීය.

කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අජිත් දේවප්‍රිය මහතා එසේ පැවසීය.

“මරන්න බයත් නෑ, මැරෙන්න බයත් නෑ. ඉතිහාසය මතකද?’ යැයි ජයලාල් මහතා විමසා ඇති බව කී අජිත් දේවප්‍රිය මහතා විදුලි බලමණ්ඩල සේවකයෙක් සහ රංජන් ජයලාල් මහතා අතර ඇතිවූයේ යැයි කියන දුරකථන සංවාදයක හඩපටයක් ද මාධ්‍යයට ඉදිරිපත් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසි නායකයන් මෙවැනි තර්ජනයක් කිරීම සම්බන්ධයෙන් කණගාටු වන බවත් මෙවැනි තත්වයක් ඔවුන්ගේ ජනතාව බලාපොරොත්තු නොවන බවත් ඒ මහතා කීය.

ඔවුන්ට මේවා හුරුයි , ඒවට බය නෑ යැයි නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසූ බවත් විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට බිය වීමට ඔවුන් පහරදීමකට නොමිණි බවත් දේවප්‍රිය මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ඇහුම්කන්දී ගැටලු විසඳන්නේ නම් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බව අජිත් දේවප්‍රිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *