සිංගප්පූරුවේ scuba diving කරමින් සිටින අතරතුරයි ඔහු මේ අනතුරට මුහුණපා ඇත්තේ.
ඔහු සැප්තැම්බර් 20 සහ 21 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ ඊසානදිග ඉන්දීය උත්සවයට (North East India Festival) සහභාගී වීම සඳහා සිංගප්පූරුවට පැමිණ සිටියා.
මුහුදෙන් ගොඩගෙන කෘත්‍රිම ශ්වසනය ලබා දුන්නද, ඔහුව රැගෙන සිංගප්පූරු මහ රෝහලට රැගෙන යන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
සිංගප්පූරුවේ ඊසානදිග ඉන්දීය උත්සවයේ නියෝජිතයෙකු විදෙස් මාධ්‍ය හමුවේ පවසා සිටියේ, ස්කූබා කිමිදෙමින් සිටියදී ගාර්ග්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වූ බවයි.
සුබීන් ගාර්ග් චිත්‍රපට හා සංගීත ක්ෂේත්‍රවල පුළුල් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ අතර අසාමී, බෙංගාලි සහ හින්දි භාෂා චිත්‍රපට සඳහා ගීත ගායනා කර තිබෙනවා.
ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ‘Gangster’ චිත්‍රපටයේ ‘Ya Ali’ ගීතයෙනි.























