BREAKING NEWS
Search

ක්‍රිකට් තරගය බල බල ඉදලා වතුර එකක් බොන්න නැගිට්ටා – වෙල්ලාලගේ පියාගේ හදිසි මරණය ගැන පවුලේ අය කිවූ දේ

5750

ජාතික ක්‍රිකට් කණ්ඩායම් නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා මියගොස් හදිසියේ මියගොස් ඇතැයි පවුලේ ආරංචි මාර්ග කියයි

මොරටුව , ෆ්‍රැන්සිස්කු පෙදෙසේ පදිංචිව සිටී සුරංග මහතා ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්තානය අතර පෙරේදා (19) රාත්‍රි පැවති  ක්‍රිකට් තරගය රූපවාහිනියෙන් නරඹමින් සිටියදී වතුර වීදුරුවක් පානය කිරීමට නැගිට යාමේදී හදිසියේ පපුව අල්ලාගෙන දන ගසාගෙන බිම වාඩිවී ඇති අතර, බිරිඳ සහ දුනිත් වෙල්ලාලගේ ගේ සොහොයුරා විසින් පානදුර මූලික රෝහලට රැගෙන විත් තිබුණි .

පානදුර රෝහලට ඇතුලත් කරනවිටත් සුරංග වෙල්ලාලගේ මහතා මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

මෘතදේහය දේහය සම්න්බන්ද පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය පානදුර මූලික රෝහලේදී සිදුකල අතර, රෝහල් පරිශ්‍රය තුල පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් විශාල පිරිසක් රැස්ව සිටියහ.

මියගොස් ඇති සුරංග වෙල්ලාලගේ මහතා ගේ ආදරනීය බිරිද හර්ෂනී කාංචනා වෙල්ලාලගේ මහත්මිය ගෙන් පොලිසිය සහ හදිසි මරණ පරීක්ෂක වරයා සාක්ෂි සටහන් කරගත්තේය.  සංචාරය අතරතුර පියාගේ වියෝවෙන් දුනිත් වෙල්ලාලගේ මහතාද පරීක්ෂණ සිදුකරන ස්ථානයට පැමිණ සිටියහ.

මොරටුව මූලස්ථාන පොලිසියේ කොස්තාපල් ජේ කේ විජේසිංහ (97314) විසින් සාක්ෂි මෙහෙයවන ලදී.

සුරංග වෙල්ලාලගේ මහතාගේ අවසන් කටයුතු 21 ඉරිදා පස්වරුවේ මොරටුව රාවතාවත්ත පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *