BREAKING NEWS
Search

සම්පත් මනම්පේරිගේ කැරට්ටුව ටික ටික එළියට

257

අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක්  සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන අගුණකොළ පෑලස්ස ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධූර අපෙක්සක සම්පත් මනම්පේරි නැමැත්තා 2015 සිට අවස්ථා තුනකදී මාස 22 ක් පමණ රිමාන්ඩ් බාරයේ සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකාර සම්පත් මනම්පේරි නැමැත්තා සහල් ලොරි කොල්ලකෑම් සිදු කර ඇති අතර ඒ සම්බන්ධව ඔහු මාස 11ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

එමෙන්ම ගංජා කිලෝ 106 ක් සන්තකයේ තබාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු මාස 10 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගතකර රුපියල් 50,000 ක දඩයකට යටත්ව ඇප මත මුදා හැර  තිබූ බවත් ගංජා ප්‍රවාහනයට යොදාගත් ඔහුගේ කැබ් රථයක්ද වාද සන්තක වී තිබූ බව එම නිලධාරියා පැවසුවේය.

කෙසේ වෙතත් මෙම සැකකරු 2024 ප්‍රාදේශීය සභා මැතිවරණයට තරඟ කිරීමට පෙර අධිකරණ නියෝග මත එම දඩ මුදල් ගෙවා තිබූ බවද විමර්ශන නිලධාරීන් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

සම්පත් මනම්පේරි නැමැත්තා හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ ආධාර උපකාර ඇතිව එම ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වී තිබූ බවද පොලිසිය කළ ප්‍රශ්න කිරීම් වලදී තොරතුරු අනාවරණය වී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *